පැලක් උඩ හිතක්

  පැලක් උඩ හිතක්

සිහිලැල් අරක් ගත් හේනක පැලක්         උඩ
මදුරුවො එක්ක ගී ගයමින්              තාලයට
මරුවැල් තබාලා හේනක               හැඩයමට
කඳුලැල් අරන් බත් සමගින් පිරෙයි          බඩ

දවසක් ඇවිත් තනියා අඬගැසූ                 කල
බෑ බෑ කියා නැවතුනි වැඳ               දෙවියනට
නෑ නෑ කියා පෙරැත්ත කල         තනියෙකුට
දවසක් අපිත් බේරුනි කරුමෙකින්         කල

නරියා ගලක් මුදුනේ හූ තලන                 හඬ
සෘතියද අහිමි ස්වරයෙන් අපි කරන      මැඩ
සිරියා දිනක් පැල් කොටයක තනිව         හිඳ
මනසින් මිමිනු මතකය කවි කලෙමි        සඳ 

  #ලයිමෙකුරුස්

Post a Comment

0 Comments