ගෑනු ලමයි නිදහසට ආස නැද්ද ?



බොහෝ අයට ජීවිතේ එයාල ආස කරන,බලාපොරොත්තු වෙන නිදහස ගෙදරින් අවශ්‍ය කරන නිදහස දෙන්නෙ නෑ..ගෑනු ලමයින්ට විශේෂයි

ඇයි ඒ ?

ඒකට හේතුවක් විදිහට දෙමාපියන්ගෙ එයාලට තියන ආදරය,සමාජයේ ජීවත් වෙද්දි එයාලට අනතුරක් වෙන්න පුලුවන් කියන බය කියන දේ එයාලගෙ දෙමාපියන්ගෙ හිතේ තියන නිසා වෙන්න පුලුවන්..

එහෙම සීමා වුන නිදහසක් යටතේ හැදුන අයට වෙන්නෙ මොකක්ද ?

ගොඩක් ගෑණු ලමයි ටියුශ්න් යන්නෙ ඉස්කෝලෙ යන්නෙ දෙමාපියන්ගෙන් කවුරු හරි හෝ බාරකාරයෙක් එක්ක එයාලට තනිවම අත්දැකීමක් ගන්න පුලුවන් ක්‍රමයක් නෑ..එහෙම අයගෙ සිතුම් පැතුම් හරිම පටුයි ජීවිතේ ගැන අත්දැකීමක් සමාජය ගැන අත්දැකීමක් නැති නිසා එයාල ගන්න තීරණ ගැන හිතන්න තරම් පුලුල් චින්තන ශක්තියක් අත්දැකීම් නැති නිසා එයාලට නෑ.ඉතිං එයාලගෙ පටු චින්තනයත් එක්කම ආදර සම්බන්දතාවයකගෙ රැවැටෙන ඉඩකඩ වැඩියි එයාල වෙනුවෙන් පෙනීසිටිය අයට එයාල කැමතියි එයාලව තේරුම් ගන්නවා කියන වචන වල ලොකු ලොකු බලාපොරොත්තු එයාල දකිනව..

සමහරු නිදහස හොයන්න කැම්පස් යනව..එහෙම ගිය අයව ලේසියෙන් ඇතුලෙදි තමන්ට ඕන විදිහට නම්මගන්න අතරේ හෝ වෙනත් ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලින් වෙනස් විදිහක කෙනෙක් බිහිකරන්න තියන හැකියව වැඩියි..

එතනින් එහාට පවුලෙන් නිදහස් වූ වහාම විවාහ ජීවිතයට පිවිසුන කෙනෙක්ටනම් ලබා උපන් හැටි කියාගෙන ජීවත් වීම
හෝ තමන්ට අවශ්‍ය නිදහස ලබාගැනීම කියන දේ තමන් තෝරාගන්නා සහකරුවා මත තීරණය වෙනවකෙප්

නිදහස කියන්නෙ ලැබෙන දෙයක් නෙවේ ලබාගන්න ඕන දෙයක් 
මම දැකපු විදිහට තවත් බොහෝමයක් කරුණු තියනව..පසුවට ලියන්නම් 😊

#කුරුස්

Post a Comment

1 Comments

  1. කෙටි උනත් ඉතාම අගනා ලිපියක්. ඔබ සමඟ එකඟයි.

    ReplyDelete