මිනිස්සු හරි පුදුමයි..


මම දන්නෑ මිනිස්සුන්ට මාව වටිනවද කියල..එහෙම වටිනවනම් මම දන්නෑ ඇයි මාව වටින්නෙ කියල...ඒක මට දැනගන්න ඕන නෑ මොකද මම ජීවත් වෙන්නෙ මට මාව වටින නිසා සහ මගේ ආත්ම තෘප්තිය නිසා මම ජීවත් වෙන්නෙ මම තව කෙනෙක්ව ජීවත් කරන්නෙ නැති නිසා..එහෙම ජීවත් කෙන කෙනෙක්ට වටිනාකමක් අවශ්‍ය නෑ සහ තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන සමහර දේවල් වලින් තව මිනිහෙක් අපිට වටිනාකමක් එකතු කරන්න ඉඩ තියනව.ඒ ඇරෙන්න අනුන්ට තියන මගේ වටිනාකමක් ගැන මම දන්නෙ නෑ..

මම සාමාන්‍යයෙන් නෑදෑයෙක්ගෙ හෝ අඳුරන කෙනෙක්ගෙ හෝ ගෙදරකට ආගන්තුකයෙක් විදිහට ගිහින් දුක සැප බලල එද්දි මම ගෞරව කරන වැඩිහිටියන්ට වැඳල එනව..අදත් පුරුදු විදිහට හැම අවුරුද්දටම වගේ ගොඩවෙන දුරින් ඥාතියෙකු වෙන නැන්ද කෙනෙක්ගෙ ගෙදරකට ගොඩඋනා..

ගෙදර තිබුනෙ වෙනද නැති පාලුවක්..වෙනද ඔලුව අතගාපු හිනාවෙවී කතා කරපු හුරු පුරුදු ආච්චි වෙනුවට නුපුරුදු ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි ආදේශ වෙලා ආච්චි වයසට යන්න යන්න ලස්සන උනා අපිට තිබ්බ කරුණාවත් එක්ක තවත් ඒ ලස්සන කැපිල පෙනුන.අපිට සමීප නොවුනොවුන් අරක්ගත්ත ගෙදර ආච්චි වාඩි උන සෝෆා එක ආච්චිගෙ රූපෙත් එකත්පසකින් ඉඳගෙන කතා කරන මාමත් මාමගෙ වටේ හුරතල් වෙන පොඩි මල්ලිලත් මම හිතේ මවා ගත්ත..

හැමෝම වෙනස් වෙනව නේදෝ කියල මම කල්පනා කරනව..මාම පොලිස් රාජකාරියට වාර්ථා කරල.රාජකාරි නිසා එයලටත් ගොඩක් දේවල් මග ඇරිල..පොඩි උන් ටික අලුත් ආච්චිටයි සීයටයි හුරුවෙලා..ලොකු එක්කෙනා දැන් ලොකුයි..ඕලෙවෙලුත් පාස් ලු ආච්චිගෙ දානෙත් පොඩියට දුන්නලු..නැන්දට පොලීසියෙන් නිවාඩු දෙන්නෙ නෑ ලු..අම්මත් එක්ක කතා කරන සමහර ඒවට මමත් එහෙන් මෙහෙන් එකතු උනා.

එකී මෙකී නොකී කතා අස්සෙ මට සාපෙක්ශ වූ නැන්දගෙ ලොකු පුතාගෙ ඉගෙනීම් කටයුතු වලට උනන්දුවක් නැති කමත් ඔහුගේ අනාගතය ගැනත් කතා උනා..

මිනිස්සු හරි පුදුමයි..එයාල එයාලගෙ දේවල් වලින් ලැබෙන වේදනාවට මෝෆීන් විදිහට අනුන්ගෙ දේවල් පාවිච්චි කරනව..ඒ පාවිච්චි කිරීම හරිම අහිංසකයි..තමන්ගෙ දරුවන්ගෙ දියුණුව ගැන හිතද්දි පපුව පත්‍තු වෙන මිනිස්සු අනුන්ගෙ දරුවෙක් ඉස්සරහට යද්දි අහිංසක විදිහට අනුන්ව පාවිච්චි කරල සතුටු වෙනව..ඒ සතුටු වීම් ඇතුලෙ එයාල බැඳීම් ගොඩනගාගන්නව..තමන්ගෙ දරුවන්ගෙන් නොලැබෙන දියුණුවක් අපෙන් බලාපොරොත්තු වෙනව..ඇත්තටම ඒක අපිට වගකීමක් වගේම අහිංසක ආදරණීය බැඳීමක්..වෙලාවකට බරක්...

"අනේ අපේ පුතෙක් කැම්පස් යනවනෙ..කොච්චර සතුටක්ද"

ඔලුව අතගාල ටොකු අනින මිනිස්සුත් ඔය වගේ වචන පාවිච්චි කරාට ලියුම් කවරෙක දවටල පන්දාහෙ කොලයක් අතට දීල ඔලුව අතගාල කියපු වචන වල තිබුන අපේ කියන බැඳීමක හැඟීමක් තිබුන වෙන්න පුලුවන්..මට ඕන මගේ කියල උන් ටිකක්..මගේ කියල මං වෙනුවෙන් ඉන්න උන් ටිකක්..මට උන් වෙනුවෙන් ඉන්න පුලුවන් උන් ටිකක්...ඉතිං ඒ බැඳීම් වෙලාවකදි ඇත්තටම වේදනාවක් උනත් මම ඒ බැඳීම් ආදරයෙන් වැලඳගන්නව..ඒ බැඳීම් එක්ක සම සමව ගැටෙමින් නොගැටෙමින් ජීවත් වෙනව..මං ඒකට ආදරේ කරනව

#කුරුස්

Post a Comment

0 Comments