සරසවියෙ කලු හීන


සරසවියෙ කලු හීන


සරසවියෙ කලු හීන
අම්මගේ කන පුරා
බුර බුරා රැවු නැගෙයි
දරු සෙනේ මෝරලා
"අනේ නුඹ නැවතියන්"
කියනවිට කෑගසා
දරු සෙනේ හද ගින්නෙ
හීන යයි අලු වෙලා

අදත් රෑ හත වෙද්දි
පෙලපාලි දැක බලා
කාකි පොලු බැට කද්දි
ඇගෙ පපුව වේලුනා
ඇඟිලි මුදු ගෙල මාල
උගස ටියුශන් කරා
ඒ උගසෙ ඉනිමගෙන්
අපොස උපෙ ගොඩවුනා

ඇස් දෙකෙන් හංගලා
නොපෙනෙන්න හඬ හඬා
"මේ දෙකත් අරගනින්"
කන් දෙකම හිස් උනා
ඒ දෙකට පෑහෙන්න
දැනුම ගනු බැරි නිසා
අම්මගේ හිත හදල
සරසවියෙ නැවතුනා

#කුරුස්



Post a Comment

0 Comments