ඔවුන් ආදරයේ සුව විඳින්නෝය...ඔවුන් ඔවුන්ගේ ලෝකවල අතරමන් වී ඇති සෙයකි..මේ මොහොත තුල ඇයට ඔහුත් ඔහුට ඇයත් පමණි..
ඔහු ඇයගේ සුමුදුවන් දෑතක් පිරිමදිනිම් ඇගේ කෙහෙ රැල්ලේ උණුසුම විඳිමින් නැහැපුඩු රසගන්වයි...ඇය කුඩාවියේදී පිරිමැදි ඒ සුමුදු අත මට ද සිහිවිය..ඇය ඔහුගේ හදවතේ ස්වරයනට සවන් දෙමින් ඔබ මගේමැයි කියන්නාක් මෙන් ඔහු වටා දෑත යොමයි..
විටෙක තරහ වෙයි විටෙක යලට කලු වූ අහසක් මෙන් නෝක්කාඩු බැල්මෙන් ඔහු දෙස බලයි..නමුදු ඒ නොක්කාඩු බැල්මේ සැඟවුන ආදරය මම මෙන්ම ඔහුද නොදැක්කා විය නොහැක..විටෙක ආදර සුසුමන් දෙතොලතින් බෙදාගනිති..ඔවුනොවුන්ට ඔවුන්ගෝ ලෝකවල නිදහස භුක්ති විඳිති..එයනම් ආදරයයි..මම එසේ සිතමින් සුසුමකින් සියල්ල අහවර කර ඔවුන්ගේ ලෝකයෙන් මගේ අතීතය වෙත වැදුනෙමි...
අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...
ඔවුන්ගේ නෝක්කාඩු හිනාවන් සහ ආදරය මැද්දෙන් ඇයද මමද එසේම සිටි සැටි සිහි විය..අනාගතය ගැන දුටු සිහින සුරංගනා කතා පදවැල් බැවු සිතන්නටවත් ඉඩක් නොදී අපි ආදරය කර කාලය අපිම සුන්දර කරගෙන තිබුනි..ඇගේ සුරතල් බොළඳ කතා මිත්යාවන් කරන්නට තරම් පණ්ඩිත මා යුහුසුලු නොවීය..මා ඒ බොළඳ ආදර වදන් වලට ඇයටත් වඩා පෙම් කල නිසාවෙනි..සුසුම් පොදක් තරම් දුරින්වත් ඇගෙන් ඈතින් සිටීමට සිත් නොදුන් අතීතයක ඇගේ කෙහෙරැල්ලේ පහස ලබමින් ඈ උකුලත් හිඳ ඇගේ මුහුන දෙස බලමින් කවි බස් කියන්නට මා ආශා කර තරම් මට සිහි විය...ඇයට තුරුලු වී අඬන්නට මා ආශා කරාය..මම මා ගැනම අවතක්සේරු කරගනිද්දී ඇය තදින් මා නතුකරගනී..කියවීම අවසානයක් නොදකින කල එකදු හාදුවකින් මා නිවාලූ අතීතය මට සිහි විය..
නමුදු සියල්ල පපුවේ කැකෑරෙන වේදනාවන් වාශ්පයන් වී හුස්මකින් පිටකිරීමට මා වගබලාගතිමි..ඇයත් මමත් ඇයගේ දෙමාපියනුත් අපගේ ආදරයට මැදි වූ කල්හි කුමක් කරම්දෝ යන උත්තර විරහිත පැනයට මාද ඇයද මැදි විය..ඒ අස්සේ ඇයත් මමත් ආදරයේ ඔබ්බටම ගිය තැන් සිහි වෙයි..දෙමාපිය බැම්මනම් ලිහිල් නොව හැකිතාක් තදකර බැඳි බැම්මකි..ඇය නිතර සිහි කරද්දී ඇයටද මටද අන්ද ආදරයේ ද බොළඳ වදන් වල ද අමිහිරි බවද සිහිවන්නට විය..
කුමක් කරම්ද අවසානයේ ඇගේ දෙමාපිය බැම්මේ ස්ථාවර බව නිසාවෙන් අපේ ආදර බැම්ම දිරාපත්ව ලිහී යන්නට විය..නමුදු ආදරයේ රහස් එලෙසකම විය..ඇය මාගෙන් වෙන් කෙරුනද මා හය ඇය ඉල්ලා හඬා වැටෙන්නට සිත් නොදුනි..ඇය මාගේ යැයි හඬගා කියන්නට නොසිතුනි..කරන්නට ඇති එකම දෙය දෙමාපිය බැම්ම බිඳ දමා ඇය පැමිණෙන තෙක් බලා හිඳීම බව පසක් කරගෙන මා එදා අප සුසුම් බෙදාගත් පෙම් බංකුවේ හිඳ බලා හිඳිමි..
ඔබ වෙනුවට ඇය එතැන ඇත මම වෙනුවට ඔහු එතැන ඇත..නීත්යානුකූල නොවන පියෙකු ලෙස ඔබත් මමත් හොඳින් දන්නා මම ඔවුන් දෙස දෑස අයාගෙන ඇත..ඔබ ඔහුත් සමග වැඩිහිටි කාර්යන්හි කාර්යබහුල වී ඇත..තරුණ වියේ නොසිටි වැඩිහිටියකු සේ ඔවුන් දෙස වපර ඇස යොමු නොකරමි...කිසිත් නොකියා ඔවුන් දෙස බලා හිඳිමි..
ඔබ එතැන නැත නමුදු ඇය ඇත
ඇයට අහිමිව ගිය යමක් ඇත
එය ඔබට පන පුදා පෙම් කල
පියෙකුගේ සෙනෙහසක් නොම වෙද
ඔහු ඇයට ඇත එයද කම් නැත
නමුදු මා හට යම් දුකක් ඇත
අපට පෙර දින බැඳපු බැමි මෙන්
ඔවුනොවුන් හට බැමි නැගිය හැක
ඉදිරියට යමක් ලියන්නට තරම්වත් වචනයක් කැටි නොකොට මා අත තිබූ සටහන් පොතෙහි සටහනක් තබමින් එතැනින් නැවත වර්තමානයේ පියවි සිහියට එලැබුනෙමි..
#ලයිමෙකුරුස් (2017.12.31)
0 Comments