ඉතිං නුඹ ඇත දෑත් පටලා
මදක් හදවත ගොලුව ගැහුනා
මතක් උන ඒ මතක හිතලා
ගලක් වැනි හිත පැලුනි දෙදරා
නොකර හිඟමන් නැවත ප්‍රේමය
මෙනෙහි කරවමි ගෙවුනු මතකය
නුඹත් නුඹ නැති මමත් කොතැනක
කියා සිහිකර පාරගමි සිත
හිමිව අහිමිව මගහැරුණු නුඹ
වරක් නොව දස දහස් වරකුදු
මතක් කර කර සිනහසෙනු කිම
ඉතිං පිලිගමි මැරුණු සිනහව
ඉතිං නුඹගේ සිනහ දැකලා
දෑස් පැලිලා කඳුලු ගිලුනා
මකනු බැරි ඒ මතක පටලා
මටත් සිහිනෙන් සිනහ නැගුනා
#කුරුස්
0 Comments