ආදරේ කියන්නෙ තේරුම්ගැනීමට (ළු)



++අරකිත් බැඳල නේ බං
    --හ්ම්ම්.ඔවු නේ මටත් ආරංචී

රෝගී තත්වයේ සිටි මා මිතුරියක සමග යෙදුනු තොරතුරු කතාකිරීමක් අතරතුර මෑතකතී විවාහවූ අපේම මිතුරු මිතුරියන් ගැන මාතෘකා කරගත්තෙමු..එහිදී ඔවුන්ගේ ජීවන රටාවත් ඒ හා සමගාමීව විවාහයෙන් පසු ජීවිතයත් ගැන අපතුල වූයේ අනුකම්පාසහගත දුකකි..බොහෝ අය දෙමාපිය අකමැත්තෙන් විවාහපත්වූ යුවතියන්ය..ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ සුන්දරත්වය එතැනයැයි කියාගෙන එතැනින් එහා ලෝකය ප්‍රතික්ශේප කර දුක් විඳිනා බවට මටත් මාගේ යෙහෙලියටත් ඇතැම්විට ආගිය තොරතුරු අසා ඇමතුම් දෙන විවාහ වූ මිතුරු මිතුරියන් සාක්ශි දරන්නන් වෙති..

වර්තමාන කතාවේ ආනුභාවයෙන් ඉඩ ලැබුනු වහාම මම අතීතයට ගියෙමි..

එකී අතීතය තුල මම ආදරය කල සුන්දර යුවතියක හා ගොඩනැගූ ජීවිතය ගැන සිහිකරන්නට අමතක නොකරෙමි..

"අපි බඳිමු බබා" 

අරුතක් තේරුමක් හෝ කිසිදු බරක්පතලක් නොමැති යෞවනයේ ප්‍රේම සිහිනවල සිටි මමත් ඇය එහෙම කියපු වචන වල සුන්දරත්වය ප්‍රේමනීයත්වය නිසාවෙන් මම ඇයට හාදු දුන්නෙමි..විටෙක වැලඳගත්තෙමි..එකී සිපවැලඳගැනීම් අවසානයේ 

"අපි ජීවත් වෙන්නේ කොහොමදැයි" යන පැනය ඇයත් මමත් වෙන්වන තුරාවටම ඇසුවේ නැත..

අද ඇය එක තැනකය මමත් තව තැනකය,ඇය අයගේ මාර්ගයේ තනිව ගමන්ගත් කාලය අවසන් කර අලුත් පෙම්වතා සමග තුටිනි..වෙන්වීමේ ආනුභාවයෙන් මම හඬාවැලපුනෙමි..වරෙක ජීවිතයද අතහැර මරණය අභියසට දුවද්දී මිතුරෙකු මාර්ගයෙන් නැවතුනෙමි..ඇයද එසේ කරන්නට ඇත.බාල්දි ගනන් කඳුලු සලන්නට සිදුවන්නට ඇත..කඳුලක අවසානයේ සිනහවක් ඇය විසින් සොයාගෙන ඇත..මම තවමත් ප්‍රේමය තුලින් සිනහවක් සොයන්නට උත්සාහ කරමින් මා සොයාගත් මාවතේ ඇවිද යමි..එකී මාවත සොයාගන්නට උදවුකර ඇයට තවමත් කෘතගුණ දක්වමි..

නැවතත් සිහිනයෙන් බිඳ මාතෘකානුගත වන්නට කැමැත්තෙන්මි..

"ප්‍රේමය යනු එකිනෙකා තේරුම්ගැනීමයැයි"

මා දුටු ප්‍රේමයේ සරලතම නිර්වචනයද ගැඹුරටම අර්ථකතනය කරහැකි නිර්වචනයද එයයි..

+උබ ඇයි ඒකිත් එක්ක කතා කරේ+

පසුගිය දිනක යම්කිසි අවශ්‍යතාවයක් මත මිතුරියකට ගත් දුරකතන ඇමතුමකින් පසුව ඇයගේ පෙම්වතාගෙන් ලැබුනු තර්ජනාත්මක ෆේස්බුක් පණිවුඩයකි..

+උබ ඒකිව සෙට් කරගන්නද හදන්නෙ+

ඔහුට ඇත්තේ සැකයකි..සැකය මා ගැනද ඇය ගැනදැයි මම නොදනිමි..ස්වාමියාට ගෙදර සුනකයා කෙරේ ඇති විශ්වාසය ප්‍රේමය තුලද තිබිය යුතුය..බල්ලා ස්වාමියා සපාකන්නේ නැත..ස්වාමියා හැරදා යන්නේද නැත..බල්ලාගැන ස්වාමියාට ඇති එකී විශ්වාසය තුල ස්වාමියා බල්ලා තැන තැන යනවාට  කූඩු කරන්නේද නැත..ස්වාමියා සපාකනවාට ස්වාමියා බල්ලාට කෝටු පහර දෙන්නේද නැත..එකී විශ්වාස බිඳවැටුනු බලුකුක්කන් කූඩ කර හදන ස්වාමීත්වයෙන් මිදිනු
බල්ලන්ද නිදහස සොයායති..තැනක් නොතැනක් නොබලා බුරති,හුජ්ජ හලති,බලුකම් පාති..

ප්‍රේමයද එසේමය..ප්‍රේමයක් තුල කොටුවීම් තිබේනම් එකී ප්‍රේමය දරහැවකි..මා එය නිර්වචනය කරන්නට යන්නේ නැත.."සිත්පිත් ඇත්තෝ ධාරණයකරගනිත්වා" යැයි කියා පසෙකට වෙමි..

+මම ඒකිට වෙන එකෙක් එක්ක යන්න දෙන්නෙ නෑ++

අධික ප්‍රේමය තුල ඇත්තේ මමත්වකි..එකී මමත්වයද විටෙක වේදනාවකි..අධික ප්‍රේමයද රෝගයකි..මාගේය යන හැඟීම ඇතුලේ ප්‍රේමයට වඩා ඇතිවිය හැක්කේ සැකයකි..

මා දකිනා ප්‍රේමය නම් මමය මාගේය කියනවාට වඩා හික්මීමක් තිබිය යුතු ප්‍රේමයකි..එකී ශික්ශනයත් විශ්වාසයත් එකතු වූ ප්‍රේමයක් සාර්ථකයැයි මම දකිමි..

මම මාගේ සහකරුවා කෙරෙහි වූ අසීමාන්විත ප්‍රේමයත් ගෞරවයත් යන බැඳීම ඇතුලත මා ඔහුට හෝ ඇය රිදවන්නේ ඇයි දැයි යන ප්‍රශණය ඔහුගෙන් හෝ ඇයගෙන්
නොව තමා තුලින්ම මතුවෙන හික්මීමක් අපතුල තිබිය යුතුය..එකී ශික්ශණය එකිනෙකාව තේරුම්ගැනීම යනුවෙන්ද කිව හැකිය..

එසේ නොවී ඇය හෝ ඔහු මට රිදවාවියැයි කියා ඇතිවන සැකය මත එකිනෙකා කෙරේ පීඩනය ඇතිකරමින් නීති රීති මත සුරැකිව තබාගන්නා ප්‍රේමයත් කූඩුකර ඇතිකරනා සුණකයෙකු වැනිය..සුනකයාට කලට වෙලාවට ආහාරපාන සලසා දී රඳවා තබාගන්නවා සේ ප්‍රේමයේදී සෙනෙහසත් ආදරයත් මිශ්‍රවූ වචන වලින් සහකරුවාට සංග්‍රහ කිරීමෙන් තමා ලඟ රඳවා තබාගැනීමද ඇතැමි මිනිසුන් තුලින් මම දකිමි...

එකිනෙකා තේරුම්ගැනීම ප්‍රේමයයැයි අර්ථකතනය කරගත් මම තේරුම් ගැනීමට නොහැකිව මාව අතහැර ගිය පෙම්වතියන් කිහිපදෙනෙකි...

උක්තයේ මා කියූ මා මේ පාරට දැමූ පෙම්වතිය හැර අන් කිසිවෙක් මාගෙන් ඈත්වීම නවත්වන්නට යන්නට මට උවමනා වූයේ නැත..ඔවුන්ගේ තීරණගැනීමේ ඇයිතිය ඔවුන්සතුකර මා බලාහිඳීම පුරුද්දක් කරගතිමි..

වෙන්වීම වේදනාකාරීය එහෙත් වෙන්වන්නට අවැසි අය වෙන් නොකොට තබාගැනීම හලාහල විශෙන් උපන් වේදනාවටත් වඩා වැඩිය..ඉතිං මමත් ඔවුනුත් එකී වේදනාවෙන් මුදවා තබාගන්නට මම කටයුතු කරමි..

එදා බොලඳ සිහිනවල හිඳ ප්‍රේමකර කාලයේ සිහිනමැවුවාක් සේ අවුරුදු විස්සෙන් විවාහ වූවානම් අද මම ද ඇයද වේදනා හොන්නක ඇලලී සිටිනු ඇතැයි මම සිහි කරමි..

ඉතිං විවාහයත් ප්‍රේමයත් තරම් සංකීර්ණ මාතෘකාවලට බුද්ධිමත්ව මුහුණදිය යුතුය..මොලය වෙහෙසවූවාට මොලය
රිදෙන්නේ නැත..එහෙත් හිතට අවැසි ලෙස හිත වෙහෙසවූ කල හිත රිදෙනවා නිසැකය..සිනහමුසු ප්‍රතිඵලයකටනම් මොලයත් හිතත් සම සමව වෙහෙසවිය යුතුය..

දාහක් කතාවල හරය ගෙන යෝගට් දෙකකුත් කිරි තේ එකකුත් ද තව අලුවා කැබැල්ලකටත් වගකියමින් යෙහෙලියගෙත් මගෙත් සංවාද නිම කලෙමි..

#කුරුස්



Post a Comment

0 Comments