සිවු අවුරුද්දකුත් අවසානයේ ඉතිරි වූ හිස් බවක් සමග නැවතත් අතීතයේම ගැටි ගැටී අවදිවන ප්‍රේම සිත්තම් චිත්තරූප මනෝරංගනයන් බැල්මෙන් තැවෙමින් ලියමි
නුඹ මාව අතහැර මගේ ප්‍රේමය උදුරා දැමූ ඒ දෙදහස් දහ හත්වෙනි වසරේ පොසොන් මාසයේ දහ හත්වෙනි සෙනසුරාදා සැඳෑවේදී ගිනිතබා අවුලුවා තැබූ හදවත, දැවෙමින් නිවෙමින් තුන් වසක් තිස්සේ ගෙවීගිය කාලයක, හීන වූ ද, නැවත නැවතත් කටු අනින්නාක් මෙන් රිදුම් දෙන්නා වූද ප්‍රේමයක් කෙසේහෝ ඉතිරිවී ඇතැයි සිතමි.
සිහින වලට මියදෙන්නට නොදී රැකගත යුතුයැයි කියාදුන් නුඹත්, රැකගන්න්නට තබා දරාගන්නටවත් නොහැකි තරමටම සිහින ගොඩනැගූ මමත් කුමක් හෝ අහේතුවකට වෙන්වීම දරාගත්තේ කෙසේදැයි නොදනිමි, සිතින් මැරි මැරී ඉපිද ගතින් තැවි තැවී නිවුන වසරක පමණ කාලයක් නුඹ යලිදු පැමිණීමේ ක්ශිතිජයටත් එහා ඇති යතාර්ථයක සිහිනයක් දුටුවෙමි..වසරක අවසානයක මා යලිදු ප්‍රේමය හමුවේදැයි සෙයූවෙමි..මුණගැසෙනා එකිනෙකට වෙනස් වූ අයවලුන්ගෙන් නුඹව දැක්කෙමි ඒ නුඹදැයි රැවටුනෙමි..ඇතුලාන්‍තය හිස්වූද පිටතින් නුඹම වූද වෙනත් අයවලුන්ගෙන් නුඹව දැකීමද පසුකාලීනව අතහැර දැමූයෙමි..
මේ සියල්ලක්ම අතරේ මට නැවතත් මුණ නොගැසුනු ප්‍රේමය නුඹට නැවතත් මුණගැසෙනායුරු දුටුවෙමි, නුඹ ප්‍රේමය විඳිනවා දුටුවෙමි, නුඹ ප්‍රේමය නිසා විඳවනවාද දුටුවෙමි, ඒ සියල්ලක්ම මැදි සිතින් දරාගෙන නුඹට අනුකම්පා කරෙමි.
"ඒකි පවු බං"
ඔබගේ විස්තර මිතුරු මුවින් කන්ගැටෙනා විට මා සමීපතයන් ඔස්ස්සේ එපමණක් පමණක් පිටකරමින් ප්‍රතිවේදනාවෙ ක්ශේෂඵලය සිත තුලම තැන්පත්කරගත්තෙමි..
මියැදෙන්නේ මිනිසුන් පමණකි.කිසිම දිනෙක මතකය මියෑදුනේ නැත.මියගිය ප්‍රේමයට පිං පිණිසවත් පූජා නොකර පරිස්සමෙන් රැකගත් අතීතයේ මතක වස්ත්‍රයන් හදවතට මියෙන්නට නොදී රිදුමකින් පණ දෙන්නට තවමත් මා ලඟය..රහස් රහස් ලෙසමද වචන කර හැකි සුලුතරයක් කරුණු කවි වල අකුරු වලද අමුණා පිටත ලෝකයට මුදාහලෙමි..නමුදු තවමත් ප්‍රේමයේ සංතෘප්තිජනකම රිදවීම් වලට උරුමකම් කියන උල් කටු හදවත තුල ඇත..
මට නුඹව මගහැරුණු බව දනිමි.ඉතිං ඒ මගහැරීම හුදෙක් නුඹවම පමණක් නොව ප්‍රේමයම මගහැරීමකැයි වැටහෙන්නට මට තෙවසරකටත් අධික කාලයක් ගතවීම අරුමයකි..
නුඹ නැතත් නුඹ සිටිය යුතුය..ඒ මා මියදුනත් නොමියෙන මතකයේය..නුඹව හිමිවිය යුතුම නැත නැවත වෙන් නොවීමක් ද හමුවීමක්ද නොමැති හදවතේ පමණක්ම නුඹ සිටිය යුතුය..
යම් දිනෙක නැවතත් මා හට ප්‍රේමය තුලින් නුඹව දුටුවේනම් මා ජීවිතයේ ආලෝකයත් හතවතේ ගැස්මත් පවතිනා අවසාන දවස එදා විය යුතුය..
ඔවා දුන් ප්‍රේමයද,
පොවා අභිමන් කියාදුන් ලෝකයද,
දරාගෙන ජීවිතය
මම නැතත් නුඹ දැකිය යුතුය ආදරය
| අසේල සම්පත් |
3 Comments
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
ReplyDeleteඑ මල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද
තනිවේවි එක්ටැම්ගේ....
❤️
ReplyDeleteAhimi bawa dana danath bala hidima premayai
ReplyDelete